ඉන්දීය – පකිස්ථාන – බංග්ලාදේශ තුන්කොන් ක්‍රිකට් අර්බුදයේ වාසිය ශ්‍රී ලංකාවට ද?

අතීතයේ සිට ක්‍රිකට් රාජ්‍ය තාන්ත්‍රිකත්වයට විදේශ සබඳතාවලින් ඇති වන බලපෑම සම්බන්ධයෙන් ඇති ප්‍රධාන උදාහරණය ඉන්දියාව සහ පකිස්ථානය විය. එම සමාජයට දැන් ඊට අලුතින් ම එක්ව සිටින්නේ බංග්ලාදේශය යි.
බංග්ලාදේශ වේග පන්දු යවන ක්‍රීඩක මුස්තාෆිසුර් රහ්මාන් වටා නිර්මාණය වූ මෑත කාලීන වර්ධනයන් සමග, ඉන්දියාව සහ බංග්ලාදේශය අතර ක්‍රිකට් සබඳතා අවිනිශ්චිත අවධියකට පැමිණ ඇති අතර, සබඳතා සාමාන්‍ය තත්ත්වයට පත්වන්නේ කවදා ද? යන්න පිළිබඳව පැහැදිලි අවබෝධයක් නොමැත.
මෙම තුන්කොන් ක්‍රිකට් අර්බුදය නිසා ICC T20 ලෝක කුසලානයේ පකිස්ථානය සහ බංග්ලාදේශය ක්‍රීඩා කරන සියලු තරග ශ්‍රී ලංකාවේදී පැවැත්වෙයි ද? එහි සැබෑ වාසිය හිමි වන්නේ කාට ද?

'ඉන්දියාවේ ක්‍රීඩා කරන්න, නැත්නම් පොයින්ට්ස් නැති කර ගන්න' - ICC බංග්ලාදේශයට කියයි

‘එක්කෝ ඉන්දියාවේ ක්‍රීඩා කරන්න, නැතිනම් පොයින්ට්ස් අහිමි කරගෙන තරගාවලියෙන් ඉවත් වන්න.’- ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය බංග්ලාදේශ ක්‍රිකට් මණ්ඩලයට පැහැදිලි පණිවිඩයක් ලබා දී තිබේ.
අඟහරුවාදා පැවති ඔන්ලයින් රැස්වීමකින් පසුව ICC ය මෙම තීරණය බංග්ලාදේශයට දැනුම් දුන් බව ESPN Cricinfo පවසයි. ආරක්ෂක හේතූන් මත ඉන්දියාව හැර වෙනත් රටක තරග පැවැත්වීමට බංග්ලාදේශය කළ ඉල්ලීම ICC ය පිළිගෙන නොමැත.

‘එක්කෝ ඉන්දියාවේ ක්‍රීඩා කරන්න, නැතිනම් පොයින්ට්ස් අහිමි කරගෙන තරගාවලියෙන් ඉවත් වන්න.’- ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය බංග්ලාදේශ ක්‍රිකට් මණ්ඩලයට පැහැදිලි පණිවිඩයක් ලබා දී තිබේ.අඟහරුවාදා පැවති ඔන්ලයින් රැස්වීමකින් පසුව ICC ය මෙම තීරණය බංග්ලාදේශයට දැනුම් දුන් බව ESPN Cricinfo පවසයි. ආරක්ෂක හේතූන් මත ඉන්දියාව හැර වෙනත් රටක තරග පැවැත්වීමට බංග්ලාදේශය කළ ඉල්ලීම ICC ය පිළිගෙන නොමැත.

Similar Posts